Posted on 01.15.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බොරැල්ලේ දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන හෙයින් ඒ විමර්ශන ආරම්භ කර පැය විසිහතරක් ගතවීමටත් පෙර චෝදනා නැගීම සාධාරණ නැතැයි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පැවැසීය.
ඔහු මෙසේ පවසා ඇත්තේ එම සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
විමර්ශන සම්බන්ධයෙන් හොඳ දැනුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවත් කාදිනල්තුමා සිතන ප්‍රමාණයටත් වඩා එහා ගිහින් එම නිලධාරීන් විධිමත් ආකාරයට විමර්ශන පවත්වා සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පවසා ඇත.
කදිනල්වරය චෝදනා කරේ පොලීසිය විසින් සත්‍ය සඟවමින් කතන්දර ගොතමින් සිටින බවයි. අත්අඩංගුවට ගත පුද්ගලයන් නොව වෙනත් පුද්ගලයෙකු විසින් මෙය කරන්නට ඇතැයි සැක සිතෙන ආකාරයේ CCTV දර්ශන ලැබී තිබියදී පවා ඒ ගැන ක්‍රියාමාර්ග නොගැනීම ගැන සැක මතුවන බව කාදිනල්වරයා පවසා තිබේ.