Posted on 02.03.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රාජ්‍ය නිදහස් දින උළෙලට මැල්කම් රන්ජිත් හිමියන් සහභාගී නොවීමට තීරණය කර තිබෙන බව අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණි පියතුන් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම සුපුරුදු පරිදි සෑම නිදහස් දිනකම බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ පවතී ජාතික නිදහස් දේව මෙහෙයද මෙවර නොපවත්වීමට කාදිනල් හිමියන් තීරණය කර ඇති බව ද සිරිල් ගාමිණී පියතුමා පවසා ඇත.
විශේෂයෙන් පසුගිය දිනක එම දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට සම්බන්ධව මුනි වැනි අහිංසක මිනිසුන් අත්අඩංගුවට ගනිමින් ඔවුන් එවැනි දේට සම්බන්ධ නැති බවට පැහැදිලිවී තිබියදීත් තවදුරටත් රඳවා තබා ගනිමින් සිදුකරන තලා පෙළා දැමීම්වලට විරෝධය දක්වමිනුයි මෙලෙස දේව මෙහෙයන් නොපැවැත්වීමට කාදිනල් හිමියන් තීරණය කර ඇති බව සඳහන් වේ.