Posted on 01.10.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනතා ඡන්දය ලබා ගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ප්‍රහාර සිදුවීමට ඉඩ හැරියේද යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුවරයා පවසා තිබේ.
මෙහි මතුපිටින් පෙන්වන්න හදනවාට වඩා කුමන්ත්‍රණයක් වී ඇති බව පෙනෙන්නේ යැයි ද රටේ පාලකයන් පාලන එය යටගැසීමට උත්සාහ කරන බවත්, විමර්ශනයකින් ඒවා එළියට ගැනීමට උත්සාහ නොකරන බවත් සඳහන් කර ඇත. දේශපාලනඥයින් රටේ නීතියේ ආධිපත්‍යය විනාශ කර ඇතැයි පවසා ඇති කාදිනල්වරයා මේ ක්‍රමය තුළ කිසිම පුද්ගලයකුටතමන් ආරක්ෂිතයි කියා හෝ යුක්තිය ඉටුවෙයි කියා සිතිය නොහැකි බව ද පවසයි.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහරයේ විමර්ශනවල වත්මන් තත්වය පිළිබඳව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දීය.
නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිතුමාව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඔහු සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගෙන තිබියදී බව කී කාදිනල්වරයා ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ බියක්, අවිනිශ්චිතතාවයක් හා කැළඹිලි ස්වභාවයක් ඇතිකිරීමේ අරමුණින් ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේදැයි සොයා බලන ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේත් නිර්දේශ කර ඇතැයි ද වැඩිදුරටත් පවසා ඇත.