தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
කාන්තා තෙවන එක්දින තරගය ඉන්දියාව පරදා ලංකාව ජය ගනී. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාන්තා තෙවන එක්දින තරගය ඉන්දියාව පරදා ලංකාව ජය ගනී.



සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තෙවන එක්දින තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තෙවන එක්දින තරගය වූ මෙම තරගය ජය ගැනීමේදී විශිෂ්ඨ ඉනිමක් ගොඩ නැගූ චමරී අතපත්තුගේ ලකුණු 115 ලබා ගනිමින් අගනා ශතකය ලබා ගැනීමට සමත්විය.

ඇයගේ අගනා ලකුණු 115 හා හසිනි පෙරේරාගේ ලකුණු 45 ඉනිම හේතුවෙන් ලකූණු 254ක් ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

ඊයේ මෙම තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවන් සිය පන්දුවාර 50 තුල කඩුළු පහක් දැවී ලකුණු 254ක් ලබා ගෙන යම් අභියෝගාත්මක ඉලක්කයක් ශ්‍රී ලංකා ක්‍රීිඩිකාවන් හමුවේ තැබීය.

ඉන්දීය කාන්තා කණ්ඩායමේ මිතාලි රාජ් නොදැවී ලකුණු 125 ලබා ගත් අතර ස්මිත්‍රි මන්දනා ලකුණු 51 ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායමට ලකුණු 250 ඉක්මවා යෑමට හැකිවිය.

මෙම තෙවැනි එක්දින තරගය කඩුලු 3 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවත් තරගාවලිය 2-1 ලෙස ජය ගැනීඹට ඉන්දීය කණ්ඩායමට සමත්ව තිබේ.