ඉන්ධන මිල ඉහළට

මිල සූත්‍රය අනුව අද(12) මධ්‍යම රාත්‍රියෙන් සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නංවන බව ආණ්ඩුව පවසයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කරන ලදි.

මේ අනුව

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් (රුපියල් 132 දක්වා)

ඔක්ටේන් 95 ලිටරයක මිල රුපියල් 7කින් (රුපියල්159 දක්වා)

ඩීසල් ලීටයරක මිල රුපියලකින් (රුපියල් 104 දක්වා)

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් (රුපියල් 134 දක්වා)

ඉහළ යෑමට නියමිත ව ඇත.

ආණ්ඩුව සම්ප්‍රදායික ලෙස වැඩ කරන පන්තියේ ජනතාව වෙත සමස්ත අර්බුදයේ බර පටවමින් පසු ගියදා සිය ඇය වැය වාර්තාව ඉදිරිපත් කෙරුණු අතර නැවත වතාවකින් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කිරීම දේශීය ආර්ථිකයේ අසාර්ථකත්වය මැනවින් පැහැදිලි කෙරෙනු ඇත.

දේශීය සහ විදේශීය නය ගැනීම සහ වැඩකරන පන්තියේ ජනතාවගෙන් අසාධාරණ ලෙස බදු සහ දඩ අය කිරීම තුලින් දේශීය ආර්ථිකය පවත්වාගැනීමට උත්සාහ කරමින් අර්බුදයේ ගිලෙමින් සිටින අතර එහි සියලු ප්‍රතිවිපාකවල ගොදුරු බවට ජනතාව පත් වෙමින් ඇත.

Lahiru Umayangana :