රටේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වූ විට ඒ ප්‍රශ්න නොමග යැවීම සඳහා ආණ්ඩුව විසින් කොන්ත්‍රාත්තුව බාර දී තිබෙන්නේ රන්ජන් රාමනායක ඇමතිවරයාට බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකේන් පාවිච්චි කරන ලද බවට නගන චෝදනාද රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නක් බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා ඇත.
රන්ජන් රාමනායක පළමුව පැවසුවේ කොකේන් බාවිත කරන ඇමැතිවරුද සිටින බවයි. ඊට පසු මන්ත්‍රීවරියන්ද සිටින බවට පවසන ලදී. ඉන්පසු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනා රුධිර සහ මුත්‍රා සාම්පල පරික්ෂාවට ලබාදී කොකේන් පාවිච්චි නොකරන බව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කර තිබුණි. නමුත් කොකේන් බාවිතා කරන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් කතානායකවරයාට ලබාදෙන ලෙසට වූ ඉල්ලීම රන්ජන් මන්ත්‍රීවරයා ඉටුකරනු දක්නට නොලැබුණි. පසුගියදා ඔහු පැවසුවේ තමාව පරික්ෂා කර තොන්ඩමන් මන්ත්‍රීවරයාද පරික්ෂා කරන ලෙසයි. මේ ආකාරයට කාලයෙන් කාලයට විවිධ කතා ඉදිරිපත් කරනු මිස එක් නිශ්චිත කරුණක් ඉදිරිපත් කිරීමක් දක්නට නැත.