පුත්තලම ජාත්‍යන්තර කුණු ගොඩක් නොකරනු යන මැයෙන් අද පිරිසිඳු පුත්තලමක් සංවිධානය සහ වෙනත් සංවිධාන කිහිපයක එකතුවෙන් අරුවක්කාඩු කසළ අංගනයට විරුද්ධව ගාලු මුවදොර පිටියේදී විරෝධතාවයක් පැවැත්විණි. විරෝධතාවය සඳහා එකවූවන් පැවසුවේ පාරිසරික වශයෙන් ඉතා වැදගත් පුත්තලම කලපුව මෙන්ම, ඒ ප්‍රදේශය ආශ්‍රිත ධීවර කර්මාන්තය සහ ලුණු කර්මාන්තයට මේ හරහා විශාල බලපෑමක් සිදුවන බවයි. එසේම මේ ප්‍රදේශයේ පවතින හුණුගල් සහිත පස හේතුවෙන් කුණු භූගත ජලයට මිශ්‍රවිමේ අවධානමක්ද ඇති බව විරෝධතා කරුවන් පවසයි. මේ ප්‍රශ්නය මූලික කරගෙන ජනාධිපතිවරයාට ලිපියක් බාරදීමද අද සිදුවිය.
Sithara Sajeewani
in දේශීය පුවත්
පුත්තලම ජාත්‍යන්තර කුණු ගොඩක් නොකරනු! අරුවක්කාඩු කසළ අංගනයට එරෙහි විරෝධය කොළඹට
-
Related Post
-
පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන හරිහැටි සිදු නොවේනම් ජනතාවත් සමඟ පාරට බහිනවා – අගරදගුරු
පසුගිය පාස්කු ඉරිදා සිදුවූ පිපිරුම් මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී පාරට…
-
‘ෆොනී‘ කුණාටුව දිවයිනට ළගා වෙමින් තිබේ!
‘ෆොනි‘ කුණාටුව මේ වනවිට දිවයින ආසන්න දෙසට පැමිණෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…
-
ගෝඨාට එරෙහි ඇවන්ට් ගාඩ් නඩුව කල් යයි!
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට, ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුට…