Posted on 11.08.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ කොටස් වෙළෙඳපොළ, මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ ඉහළ නගින බවක් දක්නට ලැබුණද මේ වනවිට එහි බිදවැටීමක් දක්වමින් තිබෙන අතර අද(8) දිනයේද තවදුරටත් ඇදවැටෙමින් පවතින තත්වයක් දක්නට ලැබිණි.
වාර්තාවන ආකාරයට, සියලු කොටස් මිල දර්ශකය අද දින ඒකක 56.62කින් පහත වැටුණු අතර මෙය ඊයේ දිනයට සාපේක්ෂව 0.95%ක පහත වැටීමකි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 5,930ග59ක් ලෙසිනි. මේ අනුව, කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ඒකක හය දහසෙන් පහතට සියලු කොටස් මිල දර්ශකය අද දිනයේද පැමිණ තිබේ. ඊයේ දින සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 5,987.21 ක් ලෙසිනි.
දේශපාලන අස්ථාවරභාවය නිසා මෙරටට පැමිණ සිටින ආයෝජකයන් පිටව යාමේ තත්වයක් කරා ගමන් කරමින් තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ සදහන් කරති.
