Posted on 04.01.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රිචඩ් පීරිස් සමූහයේ සහ කෑගල්ල වැවිලි සමාගමේ සභාපති සේන යද්දෙහිගේ විසින් කැගල්ල වැවිලි සමාගමේ කොටස් ගනුදෙනු සම්බන්ධයෙන් කොටස් වෙළදපොල නීතිවලට පටහැනි ලෙස කටයුතු කරමින් වංචා සහගත ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇත.
කෑගල්ල වැවිලි සමාගමේ එක් කොටසක් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද රු. 45.00 ක දැවැන්ත ලාභාංශය මේ චෝදනාව සඳහා පදනම් වී ඇත. ලාභාංශය ප්‍රකාශයට පත් කිරීමට ආසන්න දිනක දී කෑගල්ල වැවිලි සමාගමේ සභාපතිවරයා විසින්ම එම සමාගමේ කොටස් මිල දී ගැනීමක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නැගී ඇත.
2015 ජූලි 10 වැනිදා සිදුකළ මෙම වරද සම්බන්ධව මාර්තු 7 වැනිදා කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරනු ලැබ ඇති අතර එය මාර්තු 28 වැනිදා නැවත කැදවන අවස්ථාවෙදී චූදිතයා අධිකරණයට පැමිණ සිටියේ නැත. කෙසේවෙතත් කොළඹ කොටස් වෙළදපොළ විසින් මෙම චෝදනා යටතේ තමන්ට එරෙහි නීතිමය පියවර ගැනීමට එරෙහිව මාර්තු 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත්කරන්නට සේන යද්දෙහිගේ විසින් කටයුතු කර තිබිණි.