Posted on 08.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා දැක්වූ වරදට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින ශිෂ්‍ය ක්රියාකාරිකයන් සහ සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩු විභාගය අගෝස්තු 17 දක්වා කල් දමා තිබේ.
මෙම නඩුව අද කඩුවෙල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නිවාඩු ගොස් සිටීම නිසා වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව, නඩු විභාගය 17වනදා දක්වා කල් දැමීමට තීරණය කර ඇත.
පසුගිය 03වනදා කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතාවය සඳහා සම්බන්ධ වීම හේතුවෙන් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි එදින රාත්‍රියේම අත්අඩංගුවට ගෙන තිබුණි.
එසේම රත්මලාන, සිරස Stein මැදිරියේ පැවති ‘මාවත’ වැඩසටහනට සහභාගිව පිටත්ව යමින් සිටියදී, 6වැනිදා අලුයමදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඊට අමතරව 5 වැනිදා පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී එම විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප පැහැර ගෙන ගොස් තිබුණි. පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පිළිගන්නා ලදී.
මේ සියලු දෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (11) දින දක්වා රක්ෂිත බන්ධාගාර ගත කර තිබුණි.
කෙසේවෙතත් අද දින මෙම ශිෂ්‍ය ක්රියාකාරිකයන් දෙදෙනා සහ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර නඩුව නැවත කැඳවීම අගෝස්තු 17 දක්වා කල් දැමීමට තීන්දු කර තිබේ.