Posted on 08.02.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරක් සහ කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට මේ සතියේ ඉදිරිපත් කෙරේ.
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තු රැස්වීම් හෙට (3) සිට ලබන 6 වැනිදා සිකුරාදා දක්වා දින හතරක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට ඉහතදී තීරණය කර තිබුණි.
පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදයයි. සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත අනිද්දා (4) පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
එන් අනතුරුව සභාව කල් කල් තබන අවස්ථාවේ විවාදය පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේවන නියමයන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ 2021 වර්ෂය සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව 5 දා පෙරවරු 11 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ ආගාමික හා විගාමික පනත යටතේ වන නියෝග ලබන 6 වැනිදා 11.00 සිට පස්වරු 4.30දක්වා විවාදය ගැනීමට නියමිතය.