Posted on 07.27.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සැප්තැම්බර් මාසයේ පළමු සතිය තුළ දිවයිනේ පාසල් නැවත විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමති ජී. එල්. පීරිස් පවසයි.
ඊයේ (26) මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ අගෝස්තු මස අග වන විට එනම්, පාසල් නැවත විවෘත කිරීමට පෙර COVID-19 එන්නත දෙවන මාත්‍රාව ගුරුවරුන්ට ලබා දීමට අපේක්ෂා කරන බවයි. ඇමතිවරයා පවසා ඇත්තේ නිශ්චිත සැලැස්මක් අනුව හා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය යටතේ පාසල් නැවත විවෘත කරන බවය.
කෙසේවෙතත්, සැප්තැම්බර් පළමු සතිය තුළ පාසල් නැවත විවෘත කිරීම සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ පූර්ණ සහාය ඉල්ලා සිටින බවද ඇමතිවරයා අවධාරණය කළේය. මේ වනවිටද ගුරු-විදුහල්පතිවරු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් අරගලයක යෙදී සිටින අතර ඒ සම්බන්ධ ප්‍රමාණවත් මැදිහත්වීමක් කිරීමට ඇමතිවරයා හෝ ආණ්ඩුව සමත්ව නැත. ගුරු අරගලයේ එක් ඉල්ලීමක් ලෙස වැටුප් ගැටලුව සම්බන්ධ විසඳුම් දිය හැක්කේ ඉදිරි වසරේ අයවැය තුළින් පමණක් බව ඇමති මණ්ඩලය තීරණය කර ඇත.