Posted on 09.20.2018 by Madanayaka in ක්රීඩා පුවත් with 0 Comments
උතුරු කොරියාව හා දකුණු කොරියාව ඒකාබද්ධව 2032 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ සත්කාරක රටවල් ලෙස ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.
පසුගිය දින මේ සදහා වූ එකගතාවයන්ට දෙරටේ නායකයින් හා කොරියානු ඔලිම්පික් කමිටු ප්‍රධානීන් එකගතාවයන්ට පැමිණි බව වාර්තා කර තිබුනි.
2020 ටොකියෝ ඔලිම්පික් උළෙලටද දෙපාර්ශ්වයෙන් ඉසව් කිහිපයක් සදහා එක් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කර ඇති බව එහිදී අනාවරණය කර තිබේ.
මෙවර පැවැති දකුණු කොරියාවේ ප්යොන්ග්චැන්ග්හි පැවැති ශීත ඔලිම්පික් උළෙල සදහා දෙරටේන්ම ඉසව් කිහිපයක් සදහා ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබුනි.