Posted on 05.30.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යුද හමුදා නිලධාරියකුට කොරෝනා රෝගය වැළඳී තිබුණු බැවින් ඔහුගේ ගම් ප්‍රදේශයවන හොරණ කඳන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ද නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
විදේශවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයන් නිරෝධායන ක්‍රියාවලියට ලක්කිරීමට පියවර ගත් මෙම හමුදා නිලධාරියා සේවයේ නිරතව සිටියදි කොවිඩි 19 ආසාදිතයකු බවට හඳුනා ගැණුනි. ඒ් අනුව, ඔහුගේ පවුලේ සාමාජිකයන් ද නිරෝධායනයට ලක්කරමින් අද ඔහුගේ ගම් ප්‍රදේශයේ නිරෝධායන කටයුතු ආරම්භ කරන්නට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.