Posted on 06.09.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මීගහතැන්න පැලවත්ත වාරිමාර්ගයක පාවෙමින් තිබියදී හමු වූ කාන්තාවගේ මරණයට සැක පිට යුද හමුදාවේ සිට පළාගිය සොල්දාදුවකු අත්අඩංගුවට ගෙන ඇත.
49 හැවිරිදි කාන්තාවයක් මරණය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකපිට මෙම සෙබලා අද අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ ඒකකය කියයි. මෙලෙස ඝාතනය වූ කාන්තාවගේ ගෙල සිර කිරීම සඳහා යොදා ගත් වයරයක් පොලිසිය මගින් සොයාගෙන ඇත. එම කාන්තාව පැලද සිටි රන් මාලය සහ කරාබු යුගලය නැතිවී ඇත.