தமிழ்
English
Contact
Saturday 2nd January 2021    
කොරෝනා මරණ සම්බන්ධ බලහත්කාරය වහා නවතනු ! - මන්නාරමේ විරෝධතාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා මරණ සම්බන්ධ බලහත්කාරය වහා නවතනු ! – මන්නාරමේ විරෝධතාවක්



කොරෝනා වසංගතයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීමේ බලහත්කාරය වහාම නවතා දමන ලෙස ඉල්ලමින් මන්නාරමේදී විරෝධතාවයක් පැවැත්විණි.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වාර්තා ඇසුරින් theleader.lk වෙබ් අඩවිය වාර්තාකර ඇති ආකාරයට දෙසැම්බර් 31 වැනිදා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවට බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ සියලු ආගමික නියෝජිතයෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

“මුස්ලිම් ආගමික අයිතියට ගරු කරනු, අපේ සිරුරු පුළුස්සන්න එපා – භුමදානය අපේ අයිතියකි, ලෝක සෞඛ්‍ය සංවිධානය බොරු කියනවාද? මළ සිරුරු මත ජාතිවාදයද?” ආදී සටන් පාඨ පෙරටු කරගනිමින් පැවැති විරෝධතාවය සංවිධානය කර තිබුනේ මන්නාරමේ පුරවැසි කමිටුව, සිවිල් සංවිධාන එකමුතුව හා හා කාන්තා සංවිධානවල එකතුවෙනි. විරෝධතාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ද එක්ව සිටියහ.

මළ සිරුරුක් ආදාහනය කිරීම ඉස්ලාම් ආගමේ ප්‍රතිපත්තිවලට පටහැනි බව පෙන්වා දෙන උද්ඝෝෂකයන් එහිදී රජයට අවධාරණය කර ඇත්තේ කොරෝනාබාධිතව මිය යන මුස්ලිම් ජනතාවගේ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීමට රජය කටයුතු කිරීම නිසා එම ජනතාව දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි.

ජනාධිපතිවරයා වෙත බාරදීම සදහා සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් මන්නාරම දිස්ත්‍රික් ලේකම් නන්දනී ස්ටැන්ලී ද මෙල් වෙත භාරදීමටත් පෙළපාලියෙන් ගිය උද්ඝෝෂකයන් කටයුතු කර තිබේ.

(මූලාශ්‍රය – theleader.lk වෙබ් අඩවිය)