Posted on 01.01.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ පැණිය, රජරට විශ්වවිද්‍යාලයේ දේශීය ඖෂධ ආචාර ධර්ම කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇත්තේ සායනික භාවිතා කිරීමකට නොව, සායනික පරික්ෂනයකට පමණක් බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයේ පීඨාධිපති, විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය පවසයි.
කෑගල්ලේ පැණියට දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අනුමැතියක් ලැබුණු බව දැක්වෙන පුවත් පසුලිය දිනවල මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම අවධානයට ගෙන විශේෂ නිවේදනයක් කරමින් විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය පවසන්නේ මෙම පැණිය සම්බන්ධ කොන්දේසි කිහිපයක් සහිතව අදාළ සායනික පරික්ෂනය සිදුකරන්නට කමිටුවට භාරදී ඇති බවය.
මෙම පැණිය පරික්ෂාවකට ලක්කිරීම සඳහා උතුරු මැද පළාතේ රෝහල් දෙකක් නිර්දේශකර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම පැණිය පරික්ෂාවට ලක් ිරීම සඳහා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම සමාලෝචන කමිටුවට භාරකර ඇත. ඒ අනුව, ඒම පැණියට අදාළ පරික්ෂණය සිදුකර ඇත්තේ රජරට විශ්වවිද්‍යාලය නොව, අදාළ සමාලෝචන කමිටුවේ මැදිහත්වීමෙනි.
මාධ්‍ය විසින් මෙම කරුනු අනාවරණය නොකර හුදු අවසරය ලබාදීමක් ලෙස වාර්තා කර තිබීම සම්බන්ධයෙන් මෙම කරුණු දැක්වීම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයේ පීඨාධිපති විසින් සිදුකරන ලදී.