Posted on 11.02.2020 by Sithara Sajeewani in කලා with 0 Comments
ශලනි තාරකා ඉලක්ක කොට ගෙන ඇතැම් සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය විසින් පළ කර ඇති ප්රවෘත්ති පිළිබඳ පැහැදිලි කරමින් ඇය සිය facebook ගිණුමට වීඩියෝවක් මුදාහැර තිබේ.
ඇය පවසන ආකාරයට Can You Hear Me ටෙලි නාට්‍ය රූගත කිරීම් සඳහා මාර්තු මාසයේ දී නිකුක් කරන ලද කොන්දේසි සහ ආරක්ෂක විධිවිදාන වලට අනුව සහ රූපවාහිනී සංස්ථාව විසින් ලබාගෙන ඇති රූගත කිරීමේ අවසරයන් සහිතව 25 කට අධික ටෙලි නාට්‍ය කණ්ඩායම කොළමින් පිටත්ව තිබුනේ නිරෝධායන ඇඳිරිනීතිය කොළඹට පනවන්නට පෙරය.
මෙම කණ්ඩායම බණ්ඩාරවෙලට පැමිණ රූගත කිරීම් වල යෙදෙන අතරතුරු නිරෝධායන ඇඳිරිනීතිය බස්නාහිරට පැනවීමට පෙර පිටව ගිය පිරිස් දින 14ක් නිරෝධායනය වී නැවත පැමිණිය යුතු බව දන්වා සිටිය බැවින් පොලිසිය හා සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ Can You Hear Me නාට්‍ය කණ්ඩායමෙන් ඉල්ලා සිට ඇත්තේ එලෙස කටයුතු කරන ලෙසයි. ඒ අනුව PCR පරීක්ෂණවලට මුහුණ දීමෙන් අනතුරුව ප්‍රතිපල ලැබෙනතුරු තමන් නවාතැන් ගෙන සිටින හෝටලයේ නිරෝධායනය වෙමින් සිටින බව ශලිනි තාරකා මෙම වීඩියෝව මගින් පවසයි.
ඇතැම් මාධ්‍ය පළකර තිබූ ආකාරයට තමන්ගේ පීසීආර් පරීක්ෂණය පොසිටිව් වී නොමැති බව සහ තමා ඇතුලු ටෙලිනාට්‍ය කණ්ඩායමට කිසිදු ආකාරයෙන් තමන් රූගත කිරීම් සිදුකරන ප්‍රදේශයේ ගම්වාසීන්ගෙන් විරෝධයක් නොවූ බව ශලනි තාරකා වැඩිදුරටත් පවසයි.