Posted on 11.20.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නිරෝධායන නීති කඩකරමින් පොලිස් රාජකාරියට බාධා කළ බව චෝදනා කරමින් ප්රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධව පොලිසිය පවසන්නේ විල්සන් කරු මුඛ ආවරණයක් නොමැතිව රුපියල් 5000 ආධාරය ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ ඒ් සම්බන්ධ අවවාද කිරීමේදී ඇති වූ තත්වයක් නිසා ඔහුව දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම ජනප්රිය ජ්යෝෂ්ඨ කලා ශිල්පියා පොලිස් නිලධාරියාට පහර දීමට උත්සාහ කළ නිසා නිරෝධායන නීති කඩ කිරීම හා පොලිසියේ රාජකාරියට බාධාකිරීම යන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි. ප්රකාශයක් සටහන්කර ගැනීමෙන් පසුව ඔහු පොලිස් ඇප මත නිදහස් කෙරෙනු ඇති බව අනුමාන කෙරේ.