Posted on 03.21.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නව කෙරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රියාවලියට සහාය දක්වමින් කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා රුපියල් කෝටි 7ක සෞඛ්‍ය උපකරණ පිරිනැමීමට තීරණය කර ඇත.
ඒ අනුව කොළඹ අයි.ඩී.එච් රෝහලේ වැඩිහිටි සහ කුඩා ළමුන් සඳහා අවශ්‍ය රෝහල් ඇඳන් 485ක් , එහි දැඩි සත්කාර ඒකකය සඳහා ඇඳන් 169 ක් සහ දැඩි සත්කාර ඒකකයේ ස්වසන ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වෙන්ටිලයිසර් උපකරණ 6 ක් ද ලබා දෙන බව ධම්මික පෙරේරා විසින් ‘ඩේලි එෆ්.ටී’ පුවත්පතට අදහස් දක්වා ඇත.
මේ අතර ජෝන් කීල්ස් ව්‍යාපාර සමූහය , හේමාස් හෝටල් සමූහය සහ සිට්ට්රස් හෝටල් සමූහය සිය ව්‍යාපාර ජාලවලට අයත් එක් හෝටලයක් වශයෙන් හෝටල් තුනක් කොවිඩ් 19 නිරෝධනය මධ්‍යස්ථාන ලෙස ලෙස භාවිත කරන්නට රජයෙන්ලෙ ඉල්ලීමක් කර ඇත.
කොරෝනා වෛරසය නිසා හටගත් හදිසි ව්‍යසනකාරිත්වය හමුවේ ජනතාවට කිසිදු සහනයක් නොදෙමින් පැය 60ක ඇඳිරි නීතිය ආණ්ඩුව විසින් පනවන ලද අතර අත්‍යවශ්‍ය ආහාර මිලයට ගැනීමේ දුෂ්කරතාව නිසා පවුල් දහස් ගණනක් අසරණභාවයට පත් විය. ආණ්ඩුව මේ අන්දමින් හදිසි තීරණ ගැනීමේදී අඩු ආදායම්ලාභීන්ට හෝ දවසේ ආදායම් සරිකර ගන්නා ජනයාට කිසිදු සහනයක් හිමි නොවීය. එවැනි ජනයාට පිහිටවීමට වෙනත් අවස්ථාවල ආපදා සහන කටයුතුවලට මහත් ප්‍රචාරයක් ලබා දෙන මාධ්‍ය ව්‍යාපාරික නාළිකාවලින් පවා අනුග්‍රාහකත්වය හිමි වූයේ නැත. කෝටිපති ව්‍යාපාරිකයන් පවා මේ ආකාරයට වෙස්සන්තර වෙස් ගෙන ඇත්තේ ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය වූ පාර්ශ්වයෙන් නොවේ. ඒ වෙනුවට ඔවුන් පෙළඹී ඇත්තේ මේ වනවිටත් යම් ආකාරයක අවම කර ඇති කොරෝනා ව්‍යාප්තිය මැඩපැවැත්වීමේදී ගෞරවනීය කාර්යයක් ඉටු කළ බව මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් එහි ප්රචාරක වාසිය ගන්නට බව සමාජ විවේචකයන් කරුනු දක්වා ඇත.