Posted on 01.13.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලෝකයේ බැංකු ක්ෂේත්රයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින් සිටින රොත්ෂීල්ඩ් පවුලේ සාමාජිකයෙකු වෙන නතානියල් රෝත්ස්චයිල්ඩ් ඊයේ ලංකාවට පැමිණ තිබේ.
49 හැවිරිදි නතානියල් රොත්ෂීල්ඩ් වසර ගණනාවක් පුරා පවත්වාගෙන එන ඔවුන්ගේ බැංකු ඒකාධිකාර ව්‍යාපාරයේ ඊළඟ උරුමකරුවා ලෙස සැළකේ. රොත්ෂීල්ඩ් සමාගම ලෝකයේ ප්‍රධාන බැංකු සියල්ලකගේම පාහේ කොටස් හිමිව පවතියි. ඇමරිකානු බැංකු බොහොමයක් පාලනය කරන්නේ ඔවුන් විසිනි.
කෙසේවෙතත් මෙවැනි ලෝකයේ ප්‍රධාන ධනපතියෙක් ලංකාවට ගෙන්වා ගැනීම හරහා ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ඒ හරහා දැනට මුහුණ දෙමින් සිටින දැඩි මූල්‍ය අර්බුදයෙන් යම් තරමකට හෝ ගොඩඒම බව පැහැදිලිය. දිනෙන් දින උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව සිටින්නේ වැලේ වැල් නැති තත්වයක නිසා, පිදුරු ගහක වුවත් එල්ලීමට වුවද සූදානම්ව බව පැහැදිලිය.
වාර්තා වෙන පරිදි නතානියල්ගේ ලංකා සංචාරයේදී වරාය නගරය තුළ බිලියන 500ක ආයෝජනයක් කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණීමට නියමිතය. ඊට අමතරව ඔහු ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් හමුවීමට නියමිත බව වාර්තා වේ.