Posted on 01.08.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
SpaceX හිමිකරු සහ Tesla ප්‍රධාන විධායක එලන් මස්ක් මේ දක්වා ලොව අංක එකේ ධනවතා ලෙස නම් දැරු amazon.com හි නිර්මාතෘ ජෙෆ් බෙසෝස් අභිබවමින් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටී.
ටෙස්ලා සමාගමේ කොටස්හි අගයන් ඉහළ යාමත් සමඟ ඔහු සතු ධනයේ වටිනාකම ඩොලර් බිලියන 188.5 බවට පත්වීමෙන් ඔහුට ලොව අංක එකේ ධනවතා වීමට සමත්කම හිමි වී ඇත. Tesla විදුලි මෝටර් රථ නිෂ්පාදනයේ දී 7.8%ක ඉහළ ලාභ අනුපාතයක් පවත්වාගෙන යාමට හැකි වීම ඇමසන් සමාගම අභිභවා යෑමට හේතුවී තිබේ.
2018දී ඇපල් සමාගමට Tesla ව්‍යාපාරය විකිණීමට උත්සාහ කළේය. මස්ක් මෙම ඉහළම ධනවතා වීමේ ගමන පැමිණියේ ගතවූ මාස 12 ක කාලය තුලදී ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 150 කට වඩා වැඩි වූයේ ඉතිහාසයේ වේගවත්ම ධනය ඉපැයූ පුද්ගලයා බවට පත් වෙමිනි. පසුගිය වසර මුලුල්ලේ ලොව බිලියන ගණනක් ජනයා කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව එයින්ම දෛනික ජීවනෝපායද අහිමිව අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්වයට ඇදවැටුණද ප්‍රාග්ධන හිමිකරුවන් ලෙස වැඩකරන ජනයා විසින් උපදවන වටිනාකම් කොල්ල කමින් තරවන්නට ලෝකයේ ධනකුවෙරයන්ට වසංගතය බාධාවක් වී නැත.
තමන් පත්වූ ස්ථානය ගැන ට්විටර් සටහනක් තබමින් එලන් මස්ක් පවසා ඇත්තේ, “ඒක හරිම අමුතුයි, කමක් නෑ ආපහු වැඩට!” යන්නය. ඔහු ‘වැඩ’ යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍ය ජනයා මෙන් දෛනිකව යම් නිෂ්පාදන හෝ සොව සඳහා වෙහෙසවීම නොවේ, ඔහුගේ වැඩ යනු ලොව පුරා ශ්‍රමික ජනයා උපයන වටිනාකම් ඇසුරෙන් වඩාත් ලාභ උපදවන ආකාරයට, මොහොතක් පාසා තීන්දු ගනිමින්, තීන්දු වෙනස් කරමින් සිය ප්රාග්ධනය හැසිරවීමේ නිරතවීමය.