Posted on 04.10.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
තුර්කියේ සෞදි අරාබි තානාපති කාර්යාලයේදී කෑලි කපා මරා දමන ලද බවට අනාවරණය වූ මාධ්‍යෙව්දි ජමාල් ඛෂොගි සම්බන්ධ යුක්තිය ඉටු කිරීම වැළැක්වීමට එක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇත.
මේ බව ප්‍රකාශ වී ඇත්තේ සෞදි ඔටුන්න හිමි කුමරා ඛෂොගි ඝාතනයට සම්බන්ධ බවට අමෙරිකන් මධ්‍යම ඔත්තු සේවය විසින් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබියදී ඔහු සම්බන්ධ පියවර ගැනීමට එක්සත් ජනපද ආරක්ෂක අංශ සූදානම් නැති බව පෙන්නුම් කිරීමත් සමගය. ඛෂොගි ඝාතනයට සම්බන්ධ සෞදි රජ මැදුරට සම්බන්ධ නිලධාරින් 16 දෙනකුට එක්සත් ජනපදයට පැමිණීම තහනම් කර ඇති එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මයික් පොම්පෙයො ඒ තහනම් පුද්ගල ලැයිස්තුවට සෞදි කුමරාගේ නම ඇතුළත් නොකිරීමට කටයුතු කළ බව අනාවරනය වී ඇත. සෞදි අරාබිය එක්ස්ත්ජනපදයේ මැදපෙරදිග අරමුණු වෙනුවෙන් සහාය දක්වන රාජ්‍යයක් ලෙස ප්‍රකට බැවින් සිය මැදපෙරදිග උපායමාර්ගික අරමුණු ඛෂෝගිට යුක්තිය ඉටු කිරීමේ නාමයෙන් අත්හැර දමාගන්නට හෝ අනතුරේ හෙළා ගන්නට ට්‍රම්ප් පාලනය සූදානම් නැති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ නිගමනය වී ඇත.
