Posted on 12.21.2018 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ලෝකය පුරා මාධ්‍යවේදීන් 63ක් ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාකාරිත්වය හේතුවෙන් 2018 වර්ෂයේදී ඝාතනය කර ඇති බව ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිටුව පවසයි.
මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය ඇතුළුව මෙසේ මරා දැමුනු 63 අතුරින් මාධ්‍යවේදින් වැඩි දෙනකු ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන් වේ. ඒ අනුව, ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන් 15 දෙනෙකු ද, සිරියානු මාධ්‍යවේදීන් 11 දෙනෙකුද, මෙක්සිකෝ මාධ්‍යවේදීන් 9 දෙනෙකු ද, යේමන මාධ්‍යවේදීන් 8 දෙනෙකු මරා දමා ඇත. 2017 වර්ෂයේ මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 53 දෙනෙක් ඝාතනය වී ඇති නමුත් මේ වර්ෂයේ එය 63 දක්වා ඉහළ ගොස් ඇත.