ග්‍රාම සේවා නිලධාරීන් විසින් අද(05) පාර්ලිමේන්තු වටරවුම අසල දී සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් පාර්ලිමේන්තුව වටරවුම අවහිරවීමෙන් බත්තරමුල්ල, රාජගිරිය, පාර්ලිමේන්තුව දෙසට විශාල මාර්ග තදබදයක් ඇති විය.
දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරීවරුන් අද දින ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාමනිලධාරී සංගමය නිවේදනය කළේය. ග්‍රාම නිලධාරී සේවාවට බලපා ඇති ගැටලු 17කට බලධාරීන් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කිරීම මෙහි අරමුණ වී ඇති අතර ඉතිහාසයේ ග්‍රාම නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය බව වාර්යතා වේ.