පසුගිය ඉරිදා දින දිවයින පුරා සිදුවු පිපිරීම් නිසැකයෙන්ම වසර 7ක් හෝ 8ක් සැලසුම් කර සිදු කරන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
හදිසි නීති රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එල්.ටී.ටී.ඊ සංවිධානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට වසර 12ක් පමණ ගතවු නමුත් මොවුන් එය එක වරම සිදු කළේ නිසැක වශයෙන්ම වසර කීපයක සැලසුමක් මත බවත්, මිය ගිය ත්‍රස්ථවාදීන් කීප දෙනා පමණක් නොව තවත් 300-400 ක් වැනි ප්‍රමාණයක් ලංකාවේ සිටිය හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.
නාමල් කුමාර හෝ මධූෂ් වැනි අයට ලබා දුන් ප්‍රමුඛස්ථානය හෝ මෙවැනි තොරතුරක් සම්බන්ධයෙන් ලබා දී නොමැති බව ද සඳහන් කළ සරත් ෆොන්සේකා , ජනපතිට හා අගමැතිට මේ පිළිබඳ වහාම ක්‍රියාත්මක වීමට ඉඩ තිබු බව ද පැවසීය.
බුද්ධි අංශයේ ප්‍රධානියා පොලිස්පතිවරයා යටතේ නොසිටන බවත් පැවසු මන්ත්‍රීවරයා, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ඇමති යටතේ එම තනතුර ඇති බව ද සඳහන් කළේය.
එනිසා නිසැකයෙන්ම මේ පිළිබඳව පොලිස්පතිවරයා මෙන්ම ජනාධිපතිවරයා හා අදාළ අමාත්‍යවරුන් දැනුවත් වී ඇති බව ද පැවසු මන්ත්‍රීවරයා, පොලිස්පති ගෙදර යැවීම මෙයට විසඳුමක් නොවන බව ද සඳහන් කළේය.