தமிழ்
English
Contact
Friday 3rd May 2019    
ගුරු අරගලයට එක් වෙමු! - විරෝධතාව 28 සවස 2.00ට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු අරගලයට එක් වෙමු! – විරෝධතාව 28 සවස 2.00ට



වසර 22ක් පුරා ගුරු වැටුප් සම්බන්ධ ගැටලු විසදන ලෙස ඉල්ලා ගුරුවරු ගෙන ගිය අරගලය නව අදියරකට ගෙන එමින් පෙබරවාරි 28 වැනිදා ගුරු ගැටලු සම්බන්ධ ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.


ගුරු ප‍්‍රශ්න විසඳන්න කිසිදු උනන්දුවක් දක්වා නැති පාලකයෝ කිසිදු බියක් සැකක් නැතිව ගුරුවරු සහ විදුහල්පතිවරු දණගැස්විමේ සිට පාසල් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම දක්වා කටයුතු කරන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය පවසයි. ගුරුවරුන්ගේ ගැටලු ඇතුළු වෘත්තිය ප‍්‍රශ්න විසඳන්නට ආණ්ඩුව සූදානම් නැත්නම් ගුරු බලය දැක ඒවා විසදන තැනට ආණ්ඩුවට සිදුවනු ඇති බව පසුගියදා ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සංවිධායක ලේකම් සංජීව බණ්ඩාර ප්‍රකාශ කර තිබිණි. ගුරු හා විදුහල්පති සේවාවන්වල නිර්මාණය වී ඇති ගැටලූ පිළිබඳව හා ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමය ගෙන යන උද්ඝෝෂණික ක‍්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා පෙබරවාරි 21 කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් සංවිධායක ලේකම්වරයා රටේ සියලූම ගුරුවරුන්ට ආරාධනා කළේ මේ සම්බන්ධ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පෙබරවාරි 28 වැනිදා සවස 2.00ට ඉසුරුපාය ඉදිරිපිට සංවිධානය කර ඇති බැවින් මේ ප්‍රශ්න විසදාගැනිමට පාලකයන්ට බල කිරිම සදහා ඒකරාශිවන ලෙසය.

පසුගිය වසරේ අධිකරණ සේවා, පාර්ලිමේන්තුව වැනි පාලකයන්ට සමීප ස්ථානවල වැටුප් වැඩි කිරීමට තීරණය කළ අවස්ථාවේදී එතැනින් නොනැවතී ගුරුවරුන් වැනි පහළ වැටුප් තලවල සිටින රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට වහා පියවර ගත යුතු බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය ආණ්ඩුවට බල කර සිටියේය. එය එසේ නිවැරදි කරන්නේ නැතිනම් අරගලයකින් එම අසාධාරණය විසදාගන්නට ගුරුවරු සටනට කැදවන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය 2018 සැප්තැම්බර් 6 වැනිදා කොළඹදී කැදවූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ ප‍්‍රධාන ලේකම් විමල් පියතිස්ස  පැවසීය.  තවද ගුරුවරුන් 2,50,000ක් සිසු දරුවන් ලක්ෂ 43කගේ දෙමාපියන් යන සියලූදෙනා ඒකාබද්ධ කරගත් අරගලයක් ආරම්භකර සියලූම ඉල්ලීම් දිනා ගන්නා තුරු සටන්වදින බව ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරනය කළේය.