Posted on 03.13.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අද(13) ගුරු වෘත්තීය සමිති 30ක පමණ එකතුවෙන් සංවිධානය වූ උද්ඝෝෂණය සහ රැළියක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වුනි.
බී සී පෙරේරා කොමිසමෙන් ඇති කළ විෂමතා ඉවත් කර ගුරු විදුහල්පති වැටුප් වැඩිකරනු ! වැඩකට නැති කොළ පිරවිල්ල නවතනු! අධ්‍යාපනයට 6% ක් වෙන් කරනු! යන සටන් පාඨ යටතේ මෙම විරෝධතාව සංවිධානය වී තිබුණි.මෙම උද්ඝෝෂණය සහ රැළිය සඳහා ලංකාවේ සියලු ගුරු සංගම්, විදුහල්පති සංගම් මෙන්ම අධ්‍යාපන පරිපාලන නිලධාරි සංගමය, ගුරු අධ්‍යාපනඥ සංගමයද සහාය පළකර තිබුණි.
එසේම රට පුරා පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම ගුරු අරගලයට සහාය පළකර ඇත. ඊට අමතරව ප්‍රදේශ රැසක පාසල් ඉදිරිපිටදීද ගුරු උද්ඝෝෂණ සංවිධානය වී තිබේ.