Posted on 03.11.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දැනට පාසල් තුළ අධ්‍යාපනයේ සහ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අදාළව උද්ගතව ඇති ගැටලු විසඳීමට බලකරමින්, ගුරු-විදුහල්පති වෘත්තිය සමිති විසින් මාර්තු මස 13 වන දින සංවිධානය කරන උද්ඝෝෂණය හා රැලිය පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද(10) පැවැත්විණ.
ඔවුන් ඉදිරිපත් කරණ ප්‍රධාන ඉල්ලීම් මෙසේය.
එම සටන්පාඨ මුල්කරගනිමින් 13 වන දින ලෙඩ නිවාඩු දමා ගුරු-විදුහල්පති සටනත් සමග එකතුවන ලෙස ගුරු සංගම් විසින් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.
1997 දී හඳුන්වාදුන් බීසී පෙරේරා වැටුප් කොමිසම විසින් ගුරු හා විදුහල්පති සේවාවන්හි සේවා තත්ත්වය හා වැටුප් තල පහත හෙළමින් ලාංකේය ගුරු පරපුරට හා විදුහල්පතිවරුන්ට සිදුකරන ලද බරපතල අයුක්තියට මේවන විට වසර 22 කට අධික කාලයක් ගතවී ඇත.
1997 පැවති ආණ්ඩුව විසින් සිදුකරනු ලැබූ මෙම අයුක්තිය ඉන්පසු බලයට පත් කිසිඳු ආණ්ඩුවක් සැලකිල්ලට බඳුන්කොට යුක්තිසහගත කිරීමට කටයුතු නොකරන ලද්දේ ගුරු හා විදුහල්පතිවරුන් විසින් සිදුකරන ලද අඛණ්ඩ අරගලයක් මධ්‍යයේ වීම බරපතලව සැලකිල්ලට ලක්කළ යුතු කරුණකි. එමෙන්ම 6/2006 චක්‍රලේඛය මඟින් පැවති විෂමතා තිව්‍රර කිරීම දෙස බැලීමේදී බලධාරීන් හා පාලකයන් මේ කෙරෙහි දක්වන සැලකිල්ලේ තරම පැහැදිළිවේ.
ඉහත තත්ත්වය එසේ තිබීයදී තවදුරටත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති මඟින් කරන ලද බලපෑමට යටත්ව බී.සී පෙරේරා කොමිසම විසින් සිදුකරන ලද වැරැද්ද නිවරදි කරන තෙක් අතුරු වැටුප් යෝජනාවක් අමාත්‍යාංශ ලේකම්වරයාට ඉදිරිපත්කර ඇති නමුත් මේවන තෙක් එය වුවද ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අසමත්වී ඇත. එවැනි තත්ත්වයක් යටතේ ගුරු විදුහල්පති වැටුප් වැඩිකරගැනීමත්, කොළ පිරවිල්ල ඇතුළුව ගුරුවරුන් මත පටවා ඇති විවිධ පීඩාකාරී තත්තවයන් ඉවත්කරගැනීමටත්, අධ්‍යාපනයට ප්‍රතිපාදන ද.දේ.නි ප්‍රතිශතයක් වශයෙන් 6%ක් වෙන්කරගැනීම සඳහාත් වන අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අවශ්‍ය වේ.
එහි ඉදිරි පියවරක් ලෙස එළඹෙන 13 වන දින සියලුම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණයවීමටත්, එදින පෙ.ව. 10.00 කොළඹ දී උද්ඝෝෂණයක් හා රැලියක් පැවැත්වීමටත් ගුරු සංගම් විසින් ඒකමතිකව තීරණය කොට ඇත.
මේ මාධ්‍ය හමුව සදහා පහත වෘත්තිය සමිති සහභාගි විය.
ලංකා ගුරු සංගමය
ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
නිදහස් ලංකා පුරෝගාමී ගුරු සංගමය
ලංකා ප්‍රගති ගුරු සංගමය
ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය
ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය
ගුරු විමුක්ති පෙරමුණ
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය
ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය
ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය
සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය
ලංකා ගෘහ විද්‍යා හා ඩිප්ලෝමාධාරී ගුරු සංගමය
ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය
යන සංගම් නියෝජනය කරමින් ගුරු සංගම් 06ක් සම්බන්ධ විය.