Posted on 02.28.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දීර්ඝකාලයක් ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවාවන් සම්බන්ධ යුක්තිය ඉටු නොකරීමෙන් උද්ගතව ඇති වැටුප් ගැටලු ඇතුළු ගැටලු සම්බන්ධව වහාම විසදුම් ඉල්ලා ‘ඒකාබද්ධ ගුරු සේවා සංගමය’ කැදවූ විරෝධතාව අද(28) සවස 2.00ට පැවැත්විණි.
විදුහල්පති සේවය හා ගුරු සේවය තුළ ඇති තැටලු නිසා පාසල් අධ්‍යාපනය ඇද වැටී ඇති තත්වයට පාලකයන් වගකිව යුතු බවද අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් ලබා දීමට දුන් පොරොන්දු කඩකළ බවද දක්වමින් අද විරෝධතාවයේ සටන් පාඨ කියැවිණි. එසේම අද දින පෙරවරුවේ .ජවි.පෙ. සංවිදානය කර තිබුණු ගුරු විරෝධතාවට පොලිස් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිවද ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ විරෝධය මෙම උද්ඝෝෂණයේදී පළ කෙරිණි.
මෙම ගුරු සහ විදුහල්පති විරෝධතාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගුරුවරු හා විදුහල්පතිවරු සහභාගි වූ බව 'ඒකාබද්ධ ගුරු සේවා සංගමය' පවසයි. එහිදී ඉදිරිපත් කල ප්‍රධාන සටන් පාඨ මෙසේය.