Posted on 04.28.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ක්‍රියාත්මකවන පෞද්ගලික පාසල් සම්බන්ධ ගැටලුව මේ දිනවල නැවත සාකච්ඡාවට ලක්ව ඇත්තේ ඉස්ලාම් ආගමික ආයතන ලෙස ක්‍රියාත්මක වෙමින් අන්තවාදි කටයුතු ව්‍යාප්ත කරන ආයතන ලියාපදිංචිකර ඇති බවට ප්‍රකාශවීමත් සමගය.
ලංකාවේ ක්‍රියාත්මකවන පෞද්ගලික පාසල් කිසිදු අධ්‍යාපන ක්‍රමවේදයකට හෝ අවම වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ නියාමනයට යටත් නොවන බව අධ්‍යාපන ක්ෂේත්‍රෙය් විද්වතුන් මෙන්ම ශිෂ්‍ය වයාපාරය විසින් විවිධ ආකාරයට බලධාරින් දැන්වත් කළද කිසිදු පියවරක් ගත්තේ නැත. මේ වනවිට අන්තවාදින් විසින් ජාත්‍යන්තර පාසල් ලෙස පෞද්ගලික සමාගම් ආකාරයෙන් ලියාපදිංචි කර ඇති ආයතන සම්බන්ධ සමාජ අවධානයට ලක්ව ඇත.
පසුගිය දිනවල ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් විසින් මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති බවත් ඒවායේ සිදුවන අන්තවාදී ඉගැන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතු බවත් සඳහන් කරමින් ප්‍රකාශ නිකුත් කරන ආකාරය නිරීක්ෂණය වූ බවත් එවන් පාසල් කිසිවක් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනය වීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී ඇති බලතල අනුව ඒ යටතේ ක්‍රියාත්මක ජාතික පාසල්, පළාත් පාසල්, රජයේ අනුමත පුද්ගලික පාසල්, උපකෘත විශේෂ පාසල් අයත් වන කිසිදු ස්ථානයක මෙම අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් ක්‍රියාත්මක නොවන බව නිළධාරීන් විසින් තවදුරටත් තහවුරු කර ඇත.
මෙසේ පෞද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කරන ආයතනවල අධ්‍යාපන කටයුතු කිසිදු ප්‍රමිතියකට හෝ නියාමනයකට යටත් නැති බව වසර ගනනාවකට පෙරාතුව ශිෂ්‍ය ව්‍යාපාරය
විසින් අධ්‍යාපන බලධාරින් දැනුවත්කර ඇත. ඒ සම්බන්ධ කිසිදු මැදිහත්වීමක් හෝ වගකීමක් භාර නොගත් අධ්‍යාපන අමාත්‍යංශයට මේ වනවිට අන්තවාදි ප්‍රහාරවලින් පසුව එවැනි පාසල් පිළිබද සොයාබලන්නට බලකරනු ලැබ ඇත. කෙසේවෙතත් මුදල් පදනම මත අධ්‍යාපනය ලබාදීම වෙනුවට අධ්‍යාපනය පදනම් කරගෙන පාසල් ක්‍රියාත්මක විය යුතුය යන ලෝකය පිළිගත් අදහස ශිෂ්‍ය ව්‍යාපාරය විසින්ද ලංකාවේ අධ්‍යාපන බලධාරින්ට ඒත්තු ගැන්වීමට නොහැකිව ඇති අතර අන්තවාදි ප්‍රහාිරවලදීද එය තේරුම් ගන්නවා වෙනුවට අන්තවාදයට පිළියම් සොයන කාරණයට පමණක් අවධානය යොමුව ඇත. අධ්‍යාපනය විකිණිම යනු තවත් අන්තවාදයක් බව මෙම අධ්‍යාපන බලධාරින් විසින් පිළිගන්නේ කවදාද යන්න සිතිය යුතුව ඇත.