අන්තර්ජාලය තුළ අපට අවශ්‍ය යමක් තිබේදැයි පරික්ෂා කිරීම හදුන්වන්නේ ‘search’ කිරීම වුවද එය ‘ගූගල් කිරීම‘ ලෙස ක්‍රියා පදයක් අද වනවිට අපේ භාෂාවට එකතු වී හමාරය.
අද(27), ගුගල් සමාගම බිහි වී වසර 20ක් බව අවධානයට ලක්වන කාරණයකි. අද(27) Google සමාගම සිය 20 වැනි සංවත්සරය සමරයි. උපාධිධාරි තරුණයන් දෙදෙනකු ලෙස Larry Edward Page සහ Sergey Mikhaylovich Brin විසින් නව අත්හදා බැලීමක් ලෙස සෙවුම් යන්ත්‍රය බිහි කර තිබේ. කෙසේවෙතත් ගූගල් සමාගම ලියාපදිංචි කරන ලද්දේ 1998 සැප්තැම්බර් 4 වැනිදා බව ගූගල් ඉතිහාසයේ සටහන් වේ. එසේම සෙවුම් යන්ත්‍රයක් ලෙස ‘ගූගල්‘ ක්‍රියාත්මක කරන ලද්දේ වසරකට පෙරාතුව එනම් 1997 සැප්තැම්බර් 15 බවද සදහන් වේ.
අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ උපන් ලැරී, මේ වනවිට ‘ගූගල්‘ මව් සමාගම වන ‘ඇල්ෆබට්‘ඉන්කොපරේටඩ්හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි. සෝවියට් දේශය බිදවැටීමෙන් පසුව එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පුත්‍රයකු වූ සර්ජි මේ වනවිට ගූගල් මව් සමාගමේ (‘ඇල්ෆබට්‘ඉන්කොපරේටඩ්) සභාපතිවරයාය.
ගූගල් සමාගම තම සෙවුම් යන්ත්‍රය අමෙරිකන් ඩොලර් මිලියනයකට විකුණන්නට අදහස් කරමින් ඒ බව එවකට පැවති සෙවුම් යන්ත්‍ර සමාගමක් වූ Excite ප්‍රධානියාට දන්වන ලදී. එහෙත් එය පමණට වඩා ඉහළ මිලක් ලෙස ප්‍රතික්ෂේප කෙරිණි. අදවන විට ගූගල් සමාගම මහා දැවැන්තයකුව, Excite සමාගම වසා දමා අවසන්ය. විසින් 2001දී සිය ව්‍යාපාරික ප්‍රසාරණයේ පළමු මිලදී ගැනීම Deja නමැති සමාගම මිලදී ගැනීමෙන් ආරම්භ කරන ලදී. එදා මෙදා තුර සමාගම් 200ක් පමණ මිලදී ගෙන ගූගල් සමූහය බවට පත් වූ මෙම දැවැන්ත ප්‍රාග්ධන බලයේ මහා පරිමාණ මිලදී ගැනීම් අතර 2006 ඩොලර් බිලියන 1.6ට මිලදී ගත් YouTube සමාගමද විය.
මේ දක්වා ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස පසුගිය වසරේ ගූගල් සමාගම ඩොලර් බිලියන 110ක් උපයා ඇත.