ගෝඨාභය ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගන්න ඉල්ලයි

මෙම වසරේ ජනවාරි මස ගෝඨාභය රාජපක්ෂ තම ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කිරීම සඳහා ඉල්ලුම්කර ඇති බව සති අන්ත පුවත් පතක් වන දෙරණ අරුණ සඳහන් කර තිබේ.

මෙරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ද්විත්ව පුරවැසිභාවයක් තිබීම නුසුදුසු කමක් වීම හේතුවෙන් ඔහු මෙම පියවර ගන්නට ඇතැයි සිතිය හැක.

එහෙත් එක් රටකින් පුරවැසි බව ඉවත්කරගැනීම යනු යම් කාලයක් ගතවන ක්‍රියාවලියකි. ඒ කාලය ඇතුලත මෙරට තුළ ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ගෝඨාභය රාජපක්ෂට විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවේ.

Sithara Sajeewani :