Posted on 03.18.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මෙම වසරේ ජනවාරි මස ගෝඨාභය රාජපක්ෂ තම ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කිරීම සඳහා ඉල්ලුම්කර ඇති බව සති අන්ත පුවත් පතක් වන දෙරණ අරුණ සඳහන් කර තිබේ.
මෙරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ද්විත්ව පුරවැසිභාවයක් තිබීම නුසුදුසු කමක් වීම හේතුවෙන් ඔහු මෙම පියවර ගන්නට ඇතැයි සිතිය හැක.
එහෙත් එක් රටකින් පුරවැසි බව ඉවත්කරගැනීම යනු යම් කාලයක් ගතවන ක්‍රියාවලියකි. ඒ කාලය ඇතුලත මෙරට තුළ ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ගෝඨාභය රාජපක්ෂට විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවේ.