Posted on 10.11.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හිටපු විදේශ ඇමතිවරයකු මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකුවන යැන්ග් ජේෂී ඇතුළු චීන රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ලංකාවට පැමිණ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වා ගිය පසුව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හදිසියේම ලංකාවට පැමිණීමට යොදාගෙන ඇති බව පුවත්පත අනාවරණය කරයි.
අද(11) Sunday Times පුවත්පතේ ප්‍රධාන පුවතින් වාර්තාකරන ආකාරයට මේ මාසය තුළම එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණෙනු ඇති බව විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසා ඇත. පසුගිය වසරේදී ලංකාවේ සංචාරයක් සඳහා අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා දින යොදා තිබුණද අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව එය අවලංගු කෙරිණි. මේ වනවිට ඉන්දියාවේ සංචාරයක යෙදී සිටින මයික් පොම්පෙයෝ ඔක්තෝබර් 27 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. එක්සත් ජනපදය, ජපානය හා ඕස්ට්‍රේලියාව සමග ඇතිකරගෙන තිබෙන චීන විරෝධී සන්ධානයට ඉන්දියාව එක්කරගැනීමේ ගිවිසුම් මයික් පොම්පෙයෝ හා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් සිදකරන සංචාරයේදී අත්සන් තැබෙනු ඇතැයි අපේකසා කෙරේ. පසුගිය දිනවල මාල දිවයින හා එක්සත් ජනපදය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන ලදී.
ඔහුගේ මෙරට සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවලදී යෝජිත ගිවිසුම සම්බන්ධ අදහස් හුවමාරු කරගැනීම හා ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු සූදානම් කිරීම සම්බන්ධ එකඟතා ඇතිවනු ඇති බවට විදේශ සම්බන්ධතා විශ්ලේෂකයෝ පවසති. එසේම සහ ගිවිසුම් සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමද ද්විපාර්ශ්වික සාකච්ඡා න්‍යාය පත්‍රයට අඩංගුවීම නොවැළැක්විය හැකි බව කියනු ලැබේ.