Posted on 11.26.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඉකුත් සමයේදී මතභේදයට තුඩුදුන් සියලු ගිවිසුම් නැවත විමසා බලන බව ඇමති දිනේෂ් ගුණවර්ධන පවසයි.
විවිධ අංශ ආවරණය වන අයුරින් ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඒ සියල්ල සම්පූර්ණයෙන් නැවත විමසා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණ ගන්නා බවත් හෙතෙම කීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුණවර්ධන එම කරුණු සඳහන් කළේය.
එහෙත් ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම නුදුරේදීම ක්‍රියාත්මක කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වේල්ස් සඳහන් කර ඇත.
ඇය මේ බව පවසා ඇත්තේ පසුගිය දා වොෂින්ටන් නුවරදී පැවති, ආසියානු කලාපයේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධව පැවති හමුවකදී ය.