Posted on 06.09.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සාමකාමී විරෝධතාවලට තමන් විරුද්ධ නොවන බවද විරෝධතා නවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් නොකළ බවද කොළඹ පිහිටි අමෙරිකන් තානාපති කාර්යාලය අද(90) රාත්රි ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
කොළඹ අමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිටදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ විරෝධතාවට පහරදී පොලිසිය සිදුකළ බලහත්කාරයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව මේ ආකාරයෙන් අමෙරිකනා තානාපති කාර්යාලය පවසා ඇත.
එහෙත් විශ්වාස කටයුතු තොරතුරු අප වෙත ප්රකාශ කළේ එක්සත් ජනපදයට එරෙහි විරෝධතාවලට ලංකාව තුළ ඉඩදීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇති බවට තානාපතිවරයා ඉල්ලීමක් කර තිබුණු බවය. විශේෂයෙන් ‘මිලිටරි සැපයුම් හරස් සේවා ගිවිසුම‘ (ACSA) නමින් ගෝඨාභය රාජපක්ෂ විසින් 2007 අත්සන් කළ ගිවිසුම යටතේ ලංකාවට ඇති බැඳීමත් ඩොලර් මිලියන 480ක MCC ප්රදානයත් හේතුවෙන් එක්සත් ජනපද ආණ්ඩුවට සහයෝගය පළ කරනු ඇති බවට තානාපති කාර්යාලය අවධාරනය කර තිබිණි.
කොළඹ තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයෙන්(පහත පළ වේ) කියන ආකාරයට සාමකාමී විරෝධතාවලට ඇති නිදහස, එක්සත් ජනපදයේදීත් ලංකාවේදීත් ප්රායෝගිකව දක්නට ලැබෙන බව සටහන් කළ යුතුව ඇත.
