මිහින්තලය රජමහා විහාර බිමේ පිහිටි නටඹුන් චෛත්‍යයක නැග සිටි තරුණයන් දෙදෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මුතුර් ප්‍රදේශයේ පදිංචි 18 හා 20 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
මෙම තරුණයන් දෙදෙනා තිහාරියේ ආරාබි භාෂාව උගන්වන ආයතනයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා මිහින්තලයේ මෙම නටඹුන් චෛත්‍ය මත හිට ගෙන සිටිනු දුටු පුරා විද්‍යා නිලධාරින් විසින් ඔවුන් මිහින්තලය පොලිසියට බාරදි තිබේ. මොවුන් දෙදෙනා අද (14) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මිට පෙර පිදුරංගල පර්වතයට නැහැ අඩ නිරුවත් ඡායාරූප ලබාගත් බවට තරුණයන් තිදෙනෙකුට චෝදනා කර තිබුණි. ඊට පසු අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් අටදෙනෙකුටද හොරව්පතාන ප්‍රදේශයේ නටඹුන් චෛත්‍යක සිට ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් මෙවැනිම චෝදනාවක් එල්ල විය. එම දෙපිරිසටම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම සිද්ධි සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේද නව යොවුන් වියේ වයසේ පසුවන්නන්ට බව දක්නට ලැබේ. එම වයසේ පසුවන්නන් තුළ අනුකරණය කිරීම , කුතුහලය, හිතුවක්කාරී ගති ලක්ෂණ දක්නට ලැබීම ස්වභාවයයි. එබැවින් ඔවුන්ට දඩුවම් කර නීති මගින් පිළිතුරු සෙවිය හැකිද යන ප්‍රශ්නය පවතියි.