ඡන්ද ලබාගෙන මන්ත්‍රි වරප්‍රසාද ගන්න අරමුණින්, මහින්ද වගේ පක්ෂ මාරු කරන්නෙ නෑ! – දයාසිරි

පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසක් පොදුජන පෙරමුණේ සාමාජිකයන් බවට පත්වී ඇති නමුත් එසේ හුදෙක් ඡන්ද ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමා සූදානම් නැති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
ඔහු පවසන්නේ මැතිවරණය ජයග‍්‍රහණය කිරීමේ අරමුණින් එක් එක් පක්‍ෂවලට යාම සහ ඒවායේ සාමාජිකත්වය ලබාගැනීමේ උවමනාවක් තමන්ට නැතිබව සහ තමා කැප වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරිගමන වෙනුවෙන් පමණක් බවය. අද දින ශ්‍රිල.නි.ප. අනුහාහසක මහින්ද රාජපක්ෂ අතැුළු 27 දෙනකු ශ්‍රි.ල.පො.ප. සාමාජිකත්වය ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් හා එහි අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා කීය.
කෙසේවෙතත් ඉදිරි මහා මැතිවරණය ජය ගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේත් අගමැති මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය යටතේ පොදු සන්ධානයක් ගොඩනැඟිය යුතු බවද ඔහු පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා දෙමළ පක්‍ෂ ඇතුලූ ප‍්‍රගතිශීලී බලවේග එකට එක්ව පොදු සන්ධානයක් ගොඩ නගා මහමැතිවරණයට යා යුතු බව ඔහු පවසා ඇත.

Chandana Sirimalwatte :