ජනාධිපතිගේ අපහාසාත්මක ප්‍රකාශයට සමරිසි ක්‍රියාකාරීන්ගේ විරෝධය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ‘ජනමහිමය’ රැළියේදී ලිංගික දිශානතිය පදනම් කර ගෙන සිදු කළ අපහාසාත්මක ප්‍රකාශය හරහා සමරිසි ප්‍රජාව නින්දිත ලෙස හෑල්ලුවට ලක් කිරීම හෙළාදකින බව කොළඹදී ඊයේ (07දා) සවස පැවැති මාධ්‍ය හමුවකදි සමරිසි ක්‍රියාකාරිකයන් පිරිසක් සඳහන් කර තිබුණි.

මෙය ප්‍රජා පීඩන ප්‍රකාශයක් බවද ඔවුන් පවසයි.

සමරිසි ප්‍රජාවගේ අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා අවස්ථා ශ්‍රී ලංකාව තුළ කඩවෙමින් ඇති තත්ත්වයක් තුළ රටේ ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම සුළුකොට තැකිය නොහැකි බවද ඔවුන් පවසා තිබේ.

ලෝකයේ අනෙකුත් රටවල සේම ශ්‍රී ලංකාවේද සමරිසි ප්‍රජාව පීඩාවට ලක්වී තිබෙන බවත් , යහපාලන රජය හෝ ලංකාවේ පැවැති කිසිදු රජයක් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට නැති බවත් ප්‍රකාශ කර ලදී.

එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට සහ පාර්ලිමේන්තුව කැදවා ව්‍යවස්ථානුකූලව කටයුුතු කරන ලෙස බල කිරීම සදහා පුරවැසි හමුුවක් ඊයේ (07) පැවැත්විණි. හිටපු අගමැතිවරයාගේ දේශපාලනයට , ලිංගික දිශාානතියට කිසිදු අදාලත්වයක් නැති බවත්, සමනලයෝද ඡන්ද පාවිච්චි කරන පුරවැසියන් බවත් පැමිණ සිටිය අය කියා සිටිහය.

 

Sithara Sajeewani :