පක්ෂ නායක රැස්වීමේදී බහුතරය පරික්ෂා කිරීම ගැන මත ගැටුමක්

පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත එළැඹෙන නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා ඊයේ(07) පක්ෂ නියෝජිතයින්ගේ නිල නොවන හමුවක් තනයක කාර්යාලයේදී පැවැත්වුනි. එදින න්‍යාය පත්‍රය පිළිබඳ මහින්ද පාර්ශවයේ ස්ථාවරය වී ඇත්තේ මහ ලේකම්වරයා විසින් ජනාධිපතිතුමන්ගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දවසේ වැඩ කටයුතු අවසන් කර සභාව කල් තැබිය යුතු බවයි.

නමුත් අනෙකුත් පක්ෂ නායකයින් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දරා ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එදිනට නියමිත වැඩ කටයුතුවලට අමතරව බහුතරයේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්වී සාමාන්‍ය කටයුතු අවසන් කිරීමෙන් පසුව ස්ථාවර රජයක් පිහිටුවීම සඳහා බහුතර මතය ප්‍රකාශ ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව තමාගේ ස්ථාවරය යැයි කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මෙම රැස්වීම පුරාම මෙම බහුතරය විමසීම සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇතිවූ බව වාර්තා වේ.

අලුත් අගමැතිවරයෙකු සහ ඇමතිවරුන් පිරිසක් පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති හෙයින් එම ගැසට් නිවේදනය අනුව යමින් මැති සබේ අසුන් ගැනීම සිදුකරන බව කථානායකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Sithara Sajeewani :