Posted on 07.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදිකරු වී සිරඳඩුවම් විඳිමින් සිටියදී ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාවක් දී නිදහස් කළ දුමින්ද සිල්වාට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිත්වය පිරිනමා ඇත.
ශ්‍රිල.නි.ප. ප්රමුඛ ක්‍රියාකාරිකයකු මෙන්ම මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු හා වෘත්තිය සමිති නායකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර 2011 වසරේ ඔක්තෝබර් 08 වෙනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී ඝාතනයට ලක්වීමෙන් පසුව ඒ පිළිබඳ චෝදනා එල්ල වූයේ මැතිවරණයේ අපේක්ෂකයකු වූ දුමින්ද සිල්වා ඇතුළු පිරිසකටය. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩන නියම විය. එහෙත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති සමාව යටතේ ජුනි 24 වැනිදා ඔහු නිදහස් කෙරිණි.
මේ වන විට ඔහු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

