Posted on 12.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
චීන පොහොර නැවට මහජන මුදලින් වන්දි ගෙවීමේදී කිසිවකුට හෝ කොමිස් මුදලක් ලැබුණා දැයි සැකයක් මතුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පෙන්වා දෙයි.
ලංකාවට ඇණවුම් කළ නමුත් ප්‍රතික්ෂේප කෙරුණු නුසුදුසු පොහොර රැගත් නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමේදී
මෙම පොහොර නැව වෙනුවෙන් එක සත පහක් නොගෙවන බවට සහ පොහොර නැවේ කිසිම දෙයක් නොගන්නා බවට පුරසාරම් කී මහින්දානන්ද අලූත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා දැන් කිසිවකු කරකියා ගත නොහැකි ව සිටින බව ඇමති දයාසිරි ප්‍රකාශ කරයි.
ආන්දෝලනයට හේතු වූ චීණ නැව වෙනුවෙන් ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට සිදුවීම ‘ජාතික අපරාධයක්’ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ සාපරාධී ගනුදෙනුව සඳහා වගකිවයුතු සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවද ප්‍රකාශ කළේය.