ඉදිරි වසරේ පැවැත්වෙන්නට නියමිත ජනාධිපතිවරණයට ජ.වි.පෙ. අපෙකේෂකයකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ජනමාධ්‍යවේදීන්ට පවසයි.
පසුගිය දිනවල ජ.වි.පෙ. විසින් පොදු අපේක්ෂකයකු වෙනුවෙන් පුලුල් පෙරමුණක් ගොඩ නගන බවද ඒ සදහා රටේ විවිධ පක්ෂ හා සිවිල් සංවිධාන ඒකරාශි කරන බවද ප්‍රකාශ කර තිබිණි. එහෙත් බිමල් රත්නායක මන්ත්‍රිවරයා පවසන ආකාරයට 2019 වසර මුලදී පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත ජනාධිපතිවරණයට කවුරුන් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබද එකගතාවක් තවම නැත. පසුගිය දිනවල ජ.වි.පෙ. වෘත්තිය සමිති නායකයකු වන ලාල් කාන්ත ප්‍රකාශ කර තිබුණේ විකල්ප අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට ජ.වි.පෙ. සූදානම් වන බවයි. එවැන්නකු වෙනුවෙන් වෘතිතිය සමිි ඇතුළු සිවිල් සංවිාන ඒකරාශි කරගන්නට හැකි බවද ඔහු පවසා තිබිණි. කෙසේවෙතත් බිමල් රත්නායක මන්ත්‍රිවරයා අදහස් කරන්නේ විකල්ප අපෙකේෂකයකු ලෙස බාහිර පුද්ගලයකු වෙනුවට පක්ෂයේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි.
ඉදිරිපත් කරන අපෙකේෂකයා නිසැකවම පක්ෂයේ සාමාජිකයකු බව පැවසූ ඔහු ඔහු කවුරුන්ද ය්න තීරණය කර නැති බවද ප්‍රකාශ කර ඇත.