தமிழ்
English
Contact
Wednesday 20th April 2022    
ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ පුද්ගලයකු මිය යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ පුද්ගලයකු මිය යයි!



ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිල නිවස ආසන්නයේ පුද්ගලයකු විදුලි කණුවක නැගීමෙන් මරණයට පත්ව ඇත.

කලුබෝවිල රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට විදුලි සැර වැදීම නිසා හා බිම ඇද වැටීමෙන් ඇති වූ ශාරීරික හානි නිසා ඔහු රෝහල්ගත කරන විටත් මිය ගොස් තිබිණි.

අද (3) දහවල් ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ එදිරිසිංහ මාවතේ අධිබලති විදුලි කණුවකට නැගීම නිසා මෙසේ විදුලිසැර වැදී මියගොස් ඇත්තේ නානයක්කාර බෝපෙ රුවන් වීරතුංග නමැති 53 හැවිරිදි දෙදරු පියෙකි.

මිරිහාන එදිරිසිංහ මාවත, පළමුවන පටුමග පදිංචිව සිටි මියගිය පුද්ගලයා මහරගම, නුගේගොඩ 119 මාර්ගයේ එදිරිසිංහ මාවතට පිවිසෙන ස්ථානයේ තිබෙන ට්‍රාන්ස්ෆෝමරයක් සහිත විදුලි කණුවකට නැග සුළු මොහොතක දී මෙම අනතුර වී ඇතැයි අනාවරණ වී ඇත.