නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගත් අවස්ථාවේ එකඟ වී පොරොන්දුව ලිඛිතව ලබාදීමටද කැමැත්ත පළ කළ බව එම්.ඒ. සුමන්තිරන් පවසා තිබේ.
නමුත් ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බවද ඔහු පවසයි.
ලිඛිත පොරොන්දුවක් ලබාදීමට කැමැත්ත පළ කළ අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානය ලෙස තමන් එලෙස ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය නැති බවත් පළමුව ජයග්‍රහණය කර සිටීම වැදගත් බව පැවසූ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත. එසේම ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් ජය ලැබූ කාලයේ ඒ පිලිබඳ තම කණ්ඩායම සමඟ නිතර සිහිපත් කළ බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.
සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ” මෑතකදී පන්සලක පැවැත්වුණු රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේ දැනට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සාධනීය නොවන බවයි. එම රැස්වීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් සහභාගි වී තිබෙනවා. මම ජනාධිපතිවරයාගේ ප්‍රශ්න කරන්නේ ඇයි දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එම සාර්ථක නොවන්නේ. ඔහු දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සාර්ථක නොවන බව ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කර තිබෙන නිසා බව මගේ මතයයි.” පවසා ඇත.