හමුදා සාමාජිකයන් යුද සමයේ අපරාධ කළා නම් දඩුවම් කිරීමට තමන් පැකිළුණේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පෞද්ගලික පරාසයකදී සිදුකරන අපරාධ යුද අපරාධ ගණයට අයත් නොවන බවද හිටපු ජනාධිපතිවරයා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(17) මහජන එක්සත් පෙරමුණේ සමුලුවට සහභාගි වෙමිනි.
Hඅගමැති රනිල් වික්‍රමසිංහ යාපනය සංචාරයේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් පල කරමින් රාජපක්ෂ මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේය. මෑතක සිට දෙමළ ජනතාව ආමන්ත්‍රණය කරන ආකාරයෙන් යුද අපරාධවලට දඩුවම් කිරීමේ ස්ථාවරයක් තමන්ට ඇති බව මහින්ද රාජපක්ෂ කියමින් සිටි අතර විශේෂයෙන්ම දෙමළ මාධ්‍යවේදී හමුවකදී පවසා තිබුනේ යම් නිවසක දැරියක් රැගෙන ගොස් ලිංගික අපරාධ සිදුකළා නම් එය යුද්ධයට සම්බන්ධ කාරණයක් නොවන බවත් එවැනි අපරාධවලට දඩුවම් කිරීම කළ යුතු බවත්ය.
එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය දරණ සමයේ සිට මෑතක් වනතුරුම දිගින් දිගටම යුද්ධයේදී හමුදාව කටයුතු කළ ආකාරය ගැන කීවේ එය ‘මානුෂික මෙහෙයුමක්’ වූ බවත් කිසිදු වැසියකුට යුදබිමේදී මිස ඉන් පිටස්තරව හිරිහැර නොකළ බවත්ය. දෙමළ ජනතාව පමණක් නොව යුද්ධය සම්බන්ධව අවධානයෙන් සිටි ඕනෑම මධයස්ථ අයකුටත් අනාවරණය වූ අපරාධ යුද සමයේ සිදුවූ අතර ඒවා සම්බන්ධ ජනතා විරෝධය ඇති වුණේ පෞද්ගලික මට්ටමේද නැද්ද යන්න පිළිබදව නොවේ. යුද සමයේ අපරාධ කළවුන් නීතිය ඉදිරියට ගෙන එන මෙන් උ.ුරේත් දකුනේත් ජනතාව හා විශේසයෙන් වාමාංශික ක්‍රියාකාරින් හා මානව හිමිකම් සංවිධාන රාජපක්ෂ රෙජීමයට මෙන්ම වත්මන් ආණ්ඩුවට බලපෑම් කරන ලදී. එහිදී රාජපක්ෂ ප්‍රමුඛ දකුණේ ජාතිකවාදීන් කීවේ ‘රණවිරුවන් දඩයම්’ කිරීමට විරුද්ධ බවය. මේ වනවිටත් ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, පුද්ගලයන් 11 දෙනකු කප්පම් ලබාගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන චෝදනා යටතේ චූදිතයන් වූ සෙබලුන් සම්බන්ධ අදිකරණ ක්‍රියාමාර්ගවලට රාජපක්ෂ ඇතුලු ඔහුගේ අනුගාමික කණ්ඩායම් විරෝධය දක්වන්නේ එවැනි විනිශ්චයන් නිසා යුද හමුදාව පාවාදෙනු ලැබ ඇති බව පවසමිනි.
මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන මේ වනවිට ගෙන යන ප්‍රචාරක කටයුතු තුළ සොල්දාදුවන් තනිව කළ අපරාධ ලෙස හුවා දක්වමින් එවැනි අපරාධවලට දඩුවම් කළ යුතු බවට කියමින් සිටී.