Posted on 12.05.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපතිවරයා වහාම තනතුරු වලින් ඉල්ලා අස්විය ලෙස බලකරමින් ‘ජන අණසක‘ සංවිධානය විසින් සංවිධානය කළ විරෝධතාවක් අද (05) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි පැවැත්විණි.
ජන අණසක උද්ඝෝෂණය හා පෙලපාලිය සංවිධානය කෙරුනේ “ජනතාවට බලය, ආර්ථිකයට යුක්තිය, සැමට නිදහස,
අලුත් ජන රජයකට පෙල ගැසෙමු!“ යන තේමාව ඔස්සේය. වෘත්තීය සමිති මහජන සංවිධාන එක්ව සිදුකළ මෙම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රිය පොළ දක්වා විරෝධතා පා ගමනක් හා අත්පත්‍රිකා බෙදාහැරීම සිදු විය. මෙහිදි විරෝධතා පැවැත්වූ සංවිධාන නියෝජිතයන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විධායක බලතල අනිසි ලෙස භාවිත කරමින් රට අනතුරකට පත් කර තිබෙන නිසා වහ වහාම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවය.
ඔවුන් විසින් හඩ නගා කී විරෝධතා පාඨ අතර මෙසේද සදහන් විය.
මොකද්ද මේ – ප්‍රජාතන්ත්‍රෙ
උන් නොදුන්න- ප්‍රජාතන්ත්‍රෙ
අපටයි හිමි – ප්‍රජාතන්තෙ
ජන බලයයි – ප්‍රජාතන්ත්‍රෙ
බොරු සෝබන – නිම කරපං
ජනමතයට – ගරු කරපං
ඩීල් දැමිලි – නිම කරපං
ජන අණසක – පතුරවපං
ගොවි දීවර – කම්කරුවෝ
ඉඩම් අහිමි – පීඩිතයෝ
බල ගන්වන – අපි සුරකින
ජනරජයක් – හදමු හෙටක්
එන්න එන්න – රොද බඳින්න
අලුත් රටක් – ගොඩ නගන්න
හොරු මැර රැල- සුදද කරල
ජන අණසක – පතුරුවන්න