Posted on 03.06.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය වසරේ දීර්ඝ කාලයක් ජනමාධ්‍ය හරහා උත්කර්ෂයට නංවනු ලැබූ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඒ පිළිබද චෝදනා වෙනුවට මාකදුරේ මධුෂ් වැනි අපරාධකරුවන් සමග දක්වා ඇති සබදතා යටතේ අධිකරණය හමුවට ගෙන එන්නට නියමිතය.
ජනමාධ්‍ය සාකච්ඡා කිහිපයක් එක දිගට පවත්වමින් පොලිස් ඔත්තුකරුවක් බව කියන නාමල් කුමාර විසින් ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මෙම නිලධාරියාට එල්ල කළ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන සිටී. ප්‍රභූ ඝාතනය සම්බන්ධව කිසිවක් සනාථ නොවුවද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව මධුෂ් ඇතුලු අපරාධ කල්ලි සමග සබදතා සම්බන්ධ ප්‍රමාණවත් සහ පැහැදිලි සාක්ෂි පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අද(6) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් නාලක ද සිල්වාට එරෙහිව ගොනු කිරීමට ඇති සාක්ෂි සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරණ ලදී.
ඒ අනුව සැකකරු ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.