Posted on 02.24.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රත්ගම, රත්නඋදාගමදී පැහැරගෙන ගොස් මරා දමන ලද බවට සැක කරන තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා තමන් සමග සිටින බවත් ලක්ෂ පහක් ලබා දෙන්නේ නම් ඔවුන් නිදහස් කරන බවත් දුරකථන ඇමතුමකින් දැනුම් දී ඇත.
ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා ඇතැයි යන සිද්ධියට විරෝධය පළ කරමින් එම පුද්ගලයන්ගේ ඥාතීන් හා ගම්වැසියන් ඊයේ (23) රත්ගම මංසන්ධියේදී විරෝධතාවයක නිරත වූහ. කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගය හා මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවති මෙම විරෝධතාවය අතරතුර කිසියම් පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ලබාදෙමින් ව්‍යාපාරිකයින් දෙදෙනා තමන් සමඟ සිටින බැවින් ඔවුන් නිදහස් කිරීම සඳහා ලක්ෂ 5 ක මුදලක් ලබාදෙන ලෙස ඥාතින්ගෙන් ඉල්ලා ඇත.
ගාල්ල බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් චින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පොලිස් නිල ඇඳුමින් සැරසි පිරිසක් විසින් රැගෙන ගොස් තිබුණේය. කෙසේවෙතත් පොලිස් පරීක්ෂණ සිදුකිරීමේදී අනාවරණය වුයේ දකුණු පළාත් විශේෂ ඒකකයේ ස්ථානාධිපති රෝහණ හා පොලිස් පරීක්ෂක නිශාන්ත ඇතුලු කණ්ඩායමක් මොවුන් රැගෙන ගිය බවයි.
පසුව මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ගාල්ල අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ කුඩා කඳුගැටයක පිහිටි අත්හැර දැමු නිවසකට ගෙන ගොස් එහිදී ඝාතනය කිරීමෙන් අනතුරුව වලස්මුල්ල මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතයට ගෙන ගොස් මළ සිරුරු පුළුස්සා විනාශ කර ඇති බව ද අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය.

